Sunday, July 17, 2011

.



supirikrida.com

ජපනියෝ හපනියෝ බව ඔප්පු කරති







දීර්ඝ කාලීන සැළසුම් මත ජගත් පාපන්දු පිරිමි කුසලානය දිනා ගැනීම සදහා සැළසුම් සකසමින් සිටින ජපානය ට,ඒ හරහා බලාපොරොත්තු සංතෘප්තියේ අත්තිකාරමක් ලබා දුන් ජපාන පාපන්දු ක්‍රීඩිකාවෝ මෙවර ජගත් පාපන්දු කුසලානය ජපානයට රැගෙන යාමට සමත් වූහ.ජගත් පාපන්දු කුසලාන ඉතිහාසයේ ප්‍රබලතම කණ්ඩායම බවට දක්ෂතා වලින් ඉදිරියෙන් සිටින ඇමෙරිකාව දෙවන තැනට ඇද දමමින් මෙම හපන්කම කිරීමට ජපාන ක්‍රීඩිකාවන්ට හැකි වූයේ ඇමෙරිකාව විසින් කරට කර එල්ල කළ සටන දඩුවම් පහර මගින් වළකමින්ය.

තරගයට නියමිත කාලය නිමවන විට ලකුණු 2- 2 ලෙස සම තත්ත්වයේ වූ දෙපිළෙන් වාසනාවන්ත ජයග්‍රාහකයා කවුරුන් ද යන්න විමසා බැලීමේ දී එම වාසනාව ජපානයට හිමි විය. විශේෂයෙන් අයුමි කයිහුරි ගේ සුරක්ෂිත දෑත වාසනාවේ වගකීම නිවැරදිව ඉටු කළ අතර ෂැනන් බොක්ස් ගේ මෙන්ම ටොබින් හීත් ගේ පහරවල් දැල තුළට නොයා ඔහු ගේ දෑත් තුළ සුරක්ෂිත විය.චාලි ලොයිඩ් ගේ පහර පිටතට ඇදී ගිය අතර ඇබී වැම්බෙක් පමණක් පන්දුව නිසි ඉලක්කයට දැල තුළට යොමු කළාය.

දඩුවම් පහර සළකා බලද්දී ජපානය හතරවන උත්සාහය වෙත පැමිණෙද්දී දඩුවම් පහරවල ලකුණු තත්ත්වය 2-1 ක් වූ අතර ජපානයේ යුකි නාගසාටෝ ගේ උත්සාහය ව්‍යර්ථ කරන්නට ඇමෙරිකානු දැල රකින්නිය වූ හොප් සොලෝ සමත් ව තිබුණාය.නමුත් අයා මියාමා සහ මිෂුහෝ සකගුචි සිය උතසාහයන් සාර්ථක කර ගෙන තිබූ බැවින් ජපානය විසින් හතරවන දඩුවම් පහරට පිවිසි සාකි කුමගායි ට තවත් උත්සාහයක් වෙත නොයා ජයග්‍රහණය සමරන්නට නම් එම උත්සාහය සාර්ථක කර ගත් යුතුව තිබුණාය.ඇය එම කාර්යය දශමයකින්වත් නොවරදින්නට කටයුතු කරමින් පන්දුව ඇමෙරිකානු දැල තුළ පතිත කළාය.

තරගයේ නියමිත කාලය තුළ ඇමෙරිකාව වෙනුවෙන් ඇලෙක්ස් මෝර්ගන් සහ ඇබී වැම්බෙක් ගෝල රැස් කළ අතර ජපානය වෙනුවෙන් අයා මියාමා සහ නායිකා හොමාරේ සාවා ගෝල රැස් කළහ.සාවා සිය 18 වන වසරක පාපන්දු ජීවිතයේ සිහිනය සැබෑ කර ගත් බව කීවේ ලෝක කුසලානයේ උණුසුම සිය දෑත් වලින් විදිමින් ය. එසේම එම උණුසුමට තවත් ආනන්දයක් එක් කර ගත් සාවා මෙවර තරගාවලියේ එකම ගෝල ත්‍රිත්වලාභිණිය මෙන්ම වැඩිම ගෝල ලාභිණිය ද වෙමින් රන් සපත්තුවේ උරුමක්කාරිය ද වූවාය.

*සමස්ත තරග සටහනට පිවිසෙන්න මෙම සබැදියාව ස්පර්ශ කරන්න

http://www.fifa.com/womensworldcup/matches/round=255989/match=300144437/report.html

*අවසාන තරගයේ විශේෂ අවස්ථාවන්

http://www.fifa.com/womensworldcup/highlights/video/video=1476533/index.html

මේ අතර ෆ්‍රැන්ක්ෆර්ට් හී අවසාන තරගය ක්‍රියාත්මක වීමට ප්‍රථම තෙවන ස්ථානය සදහා තරග වැදි ප්‍රංශය සහ ස්වීඩනය අතරින් ස්වීඩනය ඩය ගත්තාය.ඒ ලකුණු 2-1 ලෙස ය.


No comments:

Post a Comment